
රනිල්ට පිං දෙන්න සිරිකොතේ බත් දන්සලක්!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී දිවා ආහාර බෙදා දීමක් සිදුකලා.
එම අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , එ.ජා.ප. මහ ලේකම් තලතා අතුකෝරල , සමන් රත්නප්‍රිය, නිශාන්ත වර්ණසිංහ යන මහතම මහත්මීන් ඇතුළු පිරිස සහභාගි වුණා.
දන්සැල සදහා විශාල පිටිසක් එකව සිටියා.
එහිදි අදහස් දැක්වූ රුවන් විජේවර්ධන , රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කල්යෑම පිළිබඳව සහ ඒකාබද්ධ විපක්ෂය පිළිබඳව අදහස් පළ කර තිබෙනවා.