‍රනිල් ගැන කතා කරන්න විපක්ෂ ප්‍රබලයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට

‍රනිල් ගැන කතා කරන්න විපක්ෂ ප්‍රබලයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබදව සාකච්ඡාවක නිරත වනවා.

එම ආරංචි මාර්ග පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, කාවින්ද ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්. පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ පිරිසක් එක්ව සිටින බව සදහන්.

 

 

 

 

Share This