
රනිල් ගේ අසනීප තත්ත්වයෙන් එ.ජා.ප. සංවත්සරය කල් යයි
ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ (2)තීරණය කර තිබෙනවා.
කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවා.
මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවේ එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළඹිනැයිද එජාප මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.