
රනිල් දැඩි සත්කාර ඒකකයට
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසනවා.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ ඔහු දැඩි විජලන තත්ත්වයට පත්ව සිටි බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇති බවයි.
ඒ අනුව විශේෂඥ වෛද්‍ය මතය අනුව ඔහු කඩිනමින් දැවි සත්කාර ඒකකයට යොමු කළ නව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසුවා.
හිටපු ජනධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළේ ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුවයි.
රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිනුණා.