
රනිල් වෙනුවෙන් විපක්ෂය පෙළගැසේ (VIDEO)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින,හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සම්බන්ධව ගතයුතු ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (23) දහවල් මල්පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත් වුණා.
මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් රැසක් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, හිටපු මන්ත්රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
එක්සත් ජාතික පක්ෂය ,සමගි ජන බලවේගය ,ශ්රී ලංකා පොදුජන පෙරමුණ ,ශ්රීලංකා නිදහස් පක්ෂය, පොදුජන ඵක්සත් පෙරමුණ, මුස්ලිම් කොංග්රසය,ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිනයින් මෙම අවස්ථාවට පැමිණ සිටියා.