රඳවාගෙන සිටින නයිජර් ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය ගැන එක්සත් ජනපදයේ අවධානය

රඳවාගෙන සිටින නයිජර් ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය ගැන එක්සත් ජනපදයේ අවධානය

සති දෙකකට වැඩි කාලයක් නිවාස අඩස්සියේ ගත කර ඇති නයිජර්හි තේරී පත් වූ ජනාධිපති Mohamed Bazoumගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Mohamed Bazoumගේ සෞඛ්‍යය සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම පවුලේ අයගේ ආරක්ෂාව පිළිබඳව කණස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද කියා සිටියේ Mohamed Bazoumගේ සිටින තත්ත්වය පිළිබඳව ඔහුද කණස්සල්ලට පත්වන බවයි.

නයිජර් ජනාධිපති ජූලි 26 වැනිදා බලයෙන් පහ කළ අතර ඔහු සහ පවුලේ අය කුරිරු සහ අමානුෂික කොන්දේසි යටතේ රඳවාගෙන සිටින බව Mohamed Bazoumගේ පක්ෂය මීට පෙර ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා

මේ වනවිට හමුදාව නයිජර් පාලනය කරන අතර Bazoum රඳවාගෙන සිටින නමුත් බලයෙන් පහකළ නායකයාගේ තත්ත්වය පිළිබඳව ඔවුන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැහැ

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් Mohamed Bazoum දුරකථනයෙන් අමතා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ගැන ඔහුට සහතික වූ බව වොෂින්ටනය සඳහන් කරනවා

Mohamed Bazoum ගේ දේශපාලන පක්ෂය වන PNDS-Tarayya, ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුට සහ ඔහුගේ පවුලේ අයට නල ජලය, විදුලිය, හෝ වෛද්‍යවරුන් සඳහා ප්‍රවේශයක් නොමැති බවයි

Share This