රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මිය ගිය චමින්ද අවසන් ගමන් යයි (වීඩියෝ)

රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මිය ගිය චමින්ද අවසන් ගමන් යයි (වීඩියෝ)

රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදුකෙරුණා.

හිරිවඩුන්න, කරදගස්තැන්න පවුලේ සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවයි වාර්තා වුණේ .

පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ දී පැවති විරෝධතාවක් අතරතුර පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් චමින්ද ලක්ෂාන් ජීවිතක්ෂයට පත් වුණා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඊයේ (22) දිනයේ ඔහු පදිංචිව සිටි නිවසට රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියා.

අවසන් කටයුතු සිදුකළ අද (23) දිනයේ දී ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් ආරක්ෂක අංශ යොදවා තිබුණා.

 

Share This