රවින්ද්‍ර ජඩේජාත් ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

රවින්ද්‍ර ජඩේජාත් ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

20 යි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා

සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

ඊයේ (29) පැවති ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි සහ රෝහිත් ශර්මා ද ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළා

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දුන් තෙවන ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයා රවින්ද්‍ර ජඩේජා වනවා

Share This