රවීව ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සොයන්න ස්වාධීන කමිටුවක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති සාකච්ඡාවේදීයි
එහිදී රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් එහිදී ප්‍රකාශ කර තිබෙනවා
මේ හේතුවෙන් එම සාකච්ඡාවේදී අදාළ සිද්ධිය සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කර ඇති අතර නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ, ආචාර්ය විතානගේ යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයින් වශයෙන් නම් කර ඇති බව සඳහන්
එහිදී කමිටු ලේකම් ලෙස නීතිඥ යසස් ද සිල්වා මහතා පත් කර තිබෙනවා
මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර භාරදීමට නියමිතයි
එමෙන්ම අදාළ වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමටයි එහිදී තීරණය කර ඇත්තේ