රස්තියාදු නොවී යන්න අද රෑ සිට දුර ගමන් බස් GPS මගින් නිරීක්ෂණයට

රස්තියාදු නොවී යන්න අද රෑ සිට දුර ගමන් බස් GPS මගින් නිරීක්ෂණයට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංගම, පුද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහන එක් කොරිඩෝවක ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඔහු පැවසුවේ මෙම බස් රථ නිශ්චිත වේලාවකට පිටත් වී නිශ්චිත වේලාවකට ගමනාන්ත්‍යට ලගාවීම GPS තාක්ෂණය මගින් අදීක්ෂණය කරන බවයි.

බස් රථ පිටත්වන කාලය ද එම ආකාරයෙන්ම නිශ්චිත කාල ප්‍රාසයකට අනුව සිදු කරන බව ඔහු සදහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ 2026 දෙසැම්බර් මාසය වනවිට බහුතර ගමනාන්ත සදහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්ටු වන බවයි.

Share This