රහස්‍ය ලේඛන පිටතට පැමිණීම බරපතල අවදානමක් -පෙන්ටගනය

රහස්‍ය ලේඛන පිටතට පැමිණීම බරපතල අවදානමක් -පෙන්ටගනය

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රහස්‍ය ලේඛන පිටතට පැමිණීම ජාතික ආරක්ෂාවට “ඉතා බරපතල” අවදානමක් බව පෙන්ටගනය සඳහන් කර තිබෙනවා.

යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම චීනය සහ එක්සත් ජනපද මිත්‍ර රටවල් පිළිබඳ සංවේදී තොරතුරු මෙම ලේඛනවල ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ලිපිගොනු ජ්‍යෙෂ්ඨ නායකයින්ට නිකුත් කරන ලද ලේඛනවලට සමාන ආකෘතියකින් පවතින බවද එරට නිලධාරීන් පවසනවා.

රහස්‍ය ලේඛන පිටතට පැමිණීම පිළිබඳව සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

මේ හේතුවෙන් යුක්‍රේනය දැනටමත් සිය හමුදා සැලසුම් කිහිපයක් වෙනස් කර ඇති බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyගේ සමීපතමයින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනෙකුත් ලේඛන මැද පෙරදිග මෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂක සහ ආරක්ෂක ගැටළු කෙරෙහි අවධානය යොමු කර ඇති ඒවා බවයි වාර්තා වන්නේ

මේ අතර මාධ්‍යවේදීන් අමතමින් පෙන්ටගනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් සඳහන් කර තිබෙන්නේ මෙම ලේඛන නිකුත්වීමෙන් ජාතික ආරක්ෂාවට ඉතා බරපතල අවදානමක් සහ වැරදි තොරතුරු පැතිරවීමේ හැකියාවක් ඇති බවයි.

“මෙය සිදුවූයේ කෙසේද යන්න සහ ගැටලුවේ විෂය පථය පිළිබඳව අපි තවමත් විමර්ශනය කරමින් සිටිමු” යනුවෙන් එරට මහජන කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම් Chris Meagher සඳහන් කර තිබෙනවා

එමෙන්ම මෙම ලේඛනවල ආකෘතිය “යුක්‍රේනය සහ රුසියාව ආශ්‍රිත මෙහෙයුම් මෙන්ම අනෙකුත් බුද්ධි තොරතුරු යාවත්කාලීන කිරීම් පිළිබඳව අපගේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට දෛනික යාවත්කාලීන කිරීම් සැපයීමට භාවිතා කරන” ආකාරයට සමාන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

ලිපි ලේඛන නිකුත්වීම පිළිබඳව පෙන්ටගනය ප්‍රථම වරට දැනගත්තේ පසුගිය සතියේ වන අතර, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මේ පිළිබඳව ප්‍රථමයෙන් අප්‍රේල් 6 වන දින දැනුවත් කළ Chris Meagher පවසනවා .

ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ මෙම රහස්‍ය ලේඛන පිටතට පැමිණීම පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ව මුලින්ම දැනුවත් කළේ පසුගිය සතියේ බවයි.

Share This