රෆාහි නැවතත් සටන් විරාම සාකච්ඡා ඇරඹෙයි

රෆාහි නැවතත් සටන් විරාම සාකච්ඡා ඇරඹෙයි

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා වූ සාකච්ඡා කයිරෝ නුවරදී යළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු ගාසා නගරය වන රෆා වෙත බෝම්බ හෙලීම නැවැත්වීමට බල කරමින් ඊශ්‍රායලය දැඩි ජාත්‍යන්තර පීඩනයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඊජිප්තුව සහ කටාර් යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වී සාකච්ඡා පවත්වන බව සඳහන්.

ඊශ්‍රායලය එල්ල කිරීමට නියමිත ගොඩබිම් ප්‍රහාරයක භීතිය මධ්‍යයේ මිලියන 1.5 ක පමණ ජනතාවක් මෙම කුඩා දේශසීමා නගරයට හිරවී සිටිනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති පසුගිය සතියේ හමාස් සංවිධානය විසින් ඉල්ලන ලද සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කළා.

Benjamin Netanyahu පැවසුවේ මාස කිහිපයක් ඇතුළත ගාසා තීරයේ ජයග්‍රණය ඊශ්‍රායලය සතු කරගත හැකි බවයි.

Share This