රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක්

රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක්

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන  සිරුරු 80ක් පමණ මිහිදන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලාශ්‍ර AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙන්නේ ඔවුන් අතර ප්‍රාණ ඇපකරුවන් නොමැති බවයි

බලධාරීන් මෙම සිරුරු පරීක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලයට ප්‍රවාහනය කර ඇති නමුත් පසුව ඔවුන් දකුණු ගාසා තීරයේ Kerem Shalom හරස් මාර්ගය හරහා ආපසු හරවා යවා ඇති බව සඳහන්

ඊශ්‍රායල හමුදාව මේ සම්බන්ධයෙන් තවමත් අදහස් දක්වා නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඊශ්‍රායලය පවසන්නේ පුද්ගලයන් 240 දෙනෙකුගෙන් 129 දෙනෙකු පැහැරගෙන ගොස් රැගෙන ගිය පසුවත් ඔවුන් පිළිබඳව තවමත් තොරතුරු ලැබී නොමැති බවයි.

හමාස් සංවිධානයේ නායකත්වයෙන් ගාසා තීරයට ඔක්තෝම්බර් 7 වනදා එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 1200ක් පමණ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එතැන් සිට එල්ලවූ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් 20,600කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා

 

Share This