
රාගම දී ආමි උපුල් ඝාතනය ගැන අංශ කිහිපයකින් පරීක්ෂණ
රාගම මිහිඳු මාවතේදී ඊයේ රාත්‍රී ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය මැයි 9 වැනිදා බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි ආමි උපුල් නැමැත්තෙක්.
ඔහු ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ ප්‍රධානතම ගෝලයෙක් බවටත් තොරතුරු වාර්තා වනවා.
රාගම මිහිඳු මාවතේදී ඊයේ රාත්‍රී 10.20ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු නිවසක් ඉදිරිපිට රැඳී සිටි උපුල් අමරජිත් රත්නායක නොහොත් ආමි උපුල් නැමති පුද්ගලයාට වෙඩි තබා ත්බුණා.
මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වුණේ 47 හැවිරිදි අයෙක්.
රාගම බටුවත්ත ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් පැමිණ නිවස ඉදිරිපිට රැදී සිටියදී මේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වි තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ උපුල් සමඟ නිවසේ ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයා සිද්ධියෙන් පසු පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.
පොලීසිය පැවසුවේ ඔහු සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීම කිරීමෙන් පසුව වෙඩික්කරු ඔහු පැමිණි ත්‍රිරෝද රථයෙන්ම පළා ගොස් තිබෙනවා.
මේ පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයකින්ම විමර්ශන ආරම්භ කර ඇති බවයි.