රාජද්‍රෝහී චෝදනා එල්ල වූ කාම්බෝජ විපක්ෂ නායකට සිරදඬුවම්

රාජද්‍රෝහී චෝදනා එල්ල වූ කාම්බෝජ විපක්ෂ නායකට සිරදඬුවම්

කාම්බෝජයේ විපක්ෂ නායක Kem Sokha හට වසර 27ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

රාජද්‍රෝහී චෝදනාවකට අදාලව එම සිරදඬුවම නියම කර ඇති අතර ඔහුට මැතිවරණ සඳහා පෙනී සිටීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම ද තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට අග්‍රාමාත්‍ය Hun Sen ගේ ආණ්ඩුව පෙරළා දැමීමට විදේශ රටවල් සමග එක්ව කුමන්ත්‍රණය කළ බවට Kem Sokha හට චෝදනා එල්ල වී තිබුණා.

කෙසේවෙතත් ඔහු සහ ඔහුගේ නීතිඥයින් අදාල චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම අදාල දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට Kem Sokha ගේ නීතිඥයින් පියවර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාම්බෝජ මහ මැතිවරණය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත අතර Kem Sokha ගේ වැඩිමහල් පුත් Hun Manet වෙත බලය පැවරීමට ඔහු සැලසුම් කරන බවට ද වාර්තා පළ වී තිබූ බව සඳහන්.

කාම්බෝජ විපක්ෂ නායක Kem Sokha අත්අඩංගුවට ගැනීම එරට මානව හිමිකම් කණ්ඩායම් විසින් ද හෙළා දැක තිබෙනවා.

Share This