
රාජපක්ෂ ආණ්ඩුව ශිරාණි අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම අනුමත කරන්නේ නෑ -මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක්-
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.
පසුගිය රජයෙන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගත යුතු බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වමින්.