රාජ්ය ආදායම ඉහළට
2023 වසරේ පළමු මාස 05 තුළ රාජ්ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
මේ වසරේ මැයි මාසයෙන් අවසන් වන මාස 5 තුළ දී රාජ්ය ආදායම සහ 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරයි.