රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ඉවත් කරගන්නා ලෙස ඉන්දියාව කැනඩාවෙන් ඉල්ලයි

රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ඉවත් කරගන්නා ලෙස ඉන්දියාව කැනඩාවෙන් ඉල්ලයි

සති ගණනාවක් තිස්සේ පවතින අර්බුදය තවත් තියුණු ලෙස උත්සන්න කරමින්, ඉන්දියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය 40ක් පමණ ඉවත් කර ගන්නා ලෙස ඉන්දියාව කැනඩාවෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔක්තෝබර් 10 වැනිදායින් පසු රැඳී සිටින අයට ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික අයිතිය අහිමි වන බවයි පැවසෙන්නේ

කැනේඩියානු භූමියේදී සික් නායක Hardeep Singh Nijjar ඝාතනය කිරීම පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බවට විශ්වාස කිරීමට විශ්වසනීය හේතු ඇති බව පසුගිය මාසයේදී කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ අවධාරණය කරනු ලැබුවා

කැනඩාවේ බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයින් දිල්ලියේ සිටින අතර, මෙම අර්බුදය ආරම්භ වූ දා සිට ඉන්දියාව සිය රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල සමානාත්මතාවය ඉල්ලා සිටියා

කෙසේවෙතත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පසුගියදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමන් ඉන්දියාව සමග පවතින විරසකය උත්සන්න කිරීමට උත්සාහ නොකරන බවයි.

කැනේඩියානු අගමැතිවරයා ඉන්දියාවට සිදුකළ සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර සැප්තැම්බර් 21 දින සිට කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීමද ඉන්දියාවෙන් නතර කරනු ලැබුවා

කැනඩාවේ වීසා සේවා ඉන්දියාව වෙනුවෙන් තවමත් විවෘතව පවතින අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව දිල්ලියෙන් ඉල්ලා ඇත්තේ කැනඩාවෙන් සිදුකරන විමර්ශනය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසයි.

 

Share This