රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත බලාත්මක කෙරෙයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත බලාත්මක කෙරෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට දන්වා තිබෙනවා.

උක්ත පනත් කෙටුම්පත 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ලෙස 2024 අගෝස්තු 08 වැනි දින සිට බලාත්මක වන බවයි කථානායකවරයා දන්වා තිබෙන්නේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව සඳහන්.

Share This