
රාජ්‍ය සේවක අවම වැටුප රු 15,750කින් ඉහළට
වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමටයි යෝජනා වී ඇත්තේ.
එමෙන්ම රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා ඉහළ යනු ඇති.
දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබෙනවා.
මීට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සඳහා ද මෙය ඇතුළත්.
රු 15,750කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරන බව ද ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.
ඒ අනුව රු 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා ඉහළ යනු ඇති අතර රු 500ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරන බවටද යෝජනා වී තිබෙනවා.
මෙම වැටුප් වැඩිකිරීමේ සමස්ත ඇස්තමේන්තුව වියදම රු බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000ක් සහ ඉතිරි මුදල 30%ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමටයි නියමිතව ඇත්තේ.
2025 වසරේ යෝජිත වැටුප් වැඩිකිරීමට රු බිලියන 110ක් වෙන්කිරීමට නියමිතයි.