රාජ්‍ය සේවයට ජනපති අනුර දුන් සහතිකය
රාජ්‍ය සේවය තුළ දේශපාලන අධිකාරිය වශයෙන් කිසිඳු අත පෙවීමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි ඔහු සඳහන් කරන්නේ.
රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් පවතින අතර රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
එමෙන්ම රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන අතර වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවසන් කිරීමට නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබෙනවා.