රාජාලීන් ඇතුළු පක්ෂීන් 3,600ක් මරා දැමූ බවට දෙදෙනෙකුට චෝදනා
රාජාලීන් ඇතුළු පක්ෂීන් 3,600ක් පමණ නීතිවිරෝධී ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා
Simon Paul සහ Travis John Branson නමින් හැඳින්වෙන මෙම දෙදෙනාට වසර ගණනාවක් පුරා කුරුල්ලන්ට වෙඩි තබා ඔවුන්ගේ කොටස් සහ පිහාටු කළු වෙළඳපොලේ අලෙවි කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ
කුමන්ත්‍රණ කිරීම, රාජාලියා ආරක්ෂක පනත උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධී ජාවාරම් සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති අතර මෙම පුද්ගලයින් දෙදෙනාට ජනවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
ප්‍රසිද්ධියේ නිකුත් කරන ලද අධිචෝදනාවකින් ඔවුන් බටහිර මොන්ටානාහි සහ වෙනත් තැන්වල ෆ්ලැට්හෙඩ් ඉන්දියානු රක්ෂිතයේ කුරුල්ලන් මරා දැමූ බවට චෝදනා කර තිබෙනවා
චෝදනා පත්‍රයේ රාජාලියා ආරක්ෂක පනත උල්ලංඝණය කළ බව කියන වෙනම අවස්ථා 13ක් ලැයිස්තුගත කර ඇති නමුත් ඔවුන් දෙදෙනා විසින් මරා දැමූ වෙනත් පක්ෂීන් මොනවාද යන්න නඩු පවරන්නන් සඳහන් කර නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
මොවුන්ට කුමන්ත්‍රණ සහ ජාවාරම් චෝදනාවලට වසර පහක උපරිම සිරදඬුවමක් සහ රාජාලියා ආරක්ෂක පනත උල්ලංඝනය කිරීම සඳහා වසරක සිරදඬුවමක් සහ දඩ මුදලක් ද හිමිවිය හැකි බවටද විශ්වාසය පළ කෙරෙනවා