‍රාජිතගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

‍රාජිතගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කළා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

පැමිණිලි පාර්ශ්වය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය එකී ඉල්ලි ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, වරෙන්තු නියෝගය ක්‍රියාත්මක බවයි.

Share This