
රාමඤඤ මහා නිකායේ අනුනාහිමියන් අපවත් වේ
මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ අනුනායක ධූරන්ධර සිරි සුගත සිරි පාලිත වංශාලංකාර සද්ධර්ම කීර්තී ශ්‍රී,පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධීශ්වර රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලපිටියාගම විමලධම්ම මහා නාහිමියන් අපවත් වී තිබෙනවා.
1937නොවැම්බර් මස 11 වැනිදා උපත ලබ ඇති උන්වහන්සේ ශාසනික වශයෙන් මහත් සේවාවක් සැලසූ යතිවර හිමි නමක්.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය මේ මස 12 වැනි දින සිදු කරන බව ආගමික සංවිධායක කමිටුව පවසනවා.
