රාහුල් ගාන්ධි යළිත් ඉන්දීය පාර්ලිමේන්තුවට

රාහුල් ගාන්ධි යළිත් ඉන්දීය පාර්ලිමේන්තුවට

රාහුල් ගාන්ධි මහතා ඔහුගේ ආසනය වන Wayanad නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට නැවත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහුගේ සාමාජිකත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, හෙට(08) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ ප්‍රධාන ලෙස අදහස් දක්වනු ඇති බවද සඳහන් වනවා

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිව සාපරාධී අපහාස නඩුවකට වරදකරු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා දින දෙකකට පසු යළිත් ඔහුට මන්ත්‍රී ධූරය හිමිවූ බවයි පැවසෙන්නේ

2019 මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන රාහුල් ගාන්ධි පළ කළ අදහස් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණා

කෙසේවෙතත් රාහුල් ගාන්ධිට ලබන වසරේ මහ මැතිවරණයට ද ඉදිරිපත් විය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා

ගාන්ධි මහතා දකුණු කේරළ ප්‍රාන්තයේ Wayanad ප්‍රදේශයේ කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයෙක්ද වනවා .

Share This