රාහුල් ගාන්ධි සමාව ගත යුතුයි – ඉන්දීය ආරක්ෂක ඇමති කියයි

රාහුල් ගාන්ධි සමාව ගත යුතුයි – ඉන්දීය ආරක්ෂක ඇමති කියයි

ඉන්දියාවට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සමාව ගත යුතු බව එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසනවා.

ලන්ඩනයේ දී රාහුල් ගාන්ධි විසින් ඉන්දියාව පිළිබඳව අපහාසාත්මක ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව ඔහු එරට පාර්ලිමේන්තුව ඉදිරියේ සමාව ගත යුතු බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

රජීව් ගාන්ධිගේ ප්‍රකාශය සියලු පාර්ලිමේන්තු සභිකයන් හෙළා දැකිය යුතු අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් ද සමාව ගත යුතු බවට ඉල්ලා සිටින බව ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර තිබෙනවා.

Share This