‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල්තැනක් දෙමු’’ – ලෝක මානසික සෞඛ්‍ය සැමරුම් දිනය අදයි

‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල්තැනක් දෙමු’’ – ලෝක මානසික සෞඛ්‍ය සැමරුම් දිනය අදයි

ලෝක මානසික සෞඛ්‍ය සැමරුම් දිනය අදට (10) යෙදී තිබෙනවා

‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න මෙවර එහි තේමාවයි

කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේ පැවති ලෝක මානසික සෞඛ්‍ය දින ‍ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත භාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් බේරා ගැනීමේ සැලැස්මක් අවශ්‍යය බවයි

එමෙන්ම මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් ලෝකයේ වසරකට ලක්ෂ 07 ක සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සදහා යොමුවන අතර, මානසික පීඩාවෙන් දුක් විදිනු ලබන්නේ බොහෝ විට වයස අවුරුදු 15 ත්, 29 ත් අතර තරුණ පරපුර බව සෞඛ්‍ය දත්ත වාර්තා තුළ සඳහන්

Share This