රැකියා සොයා ඊශ්‍රායලයට ගිය පාකිස්ථාන වැසියන්ට වැඩ වරදී

රැකියා සොයා ඊශ්‍රායලයට ගිය පාකිස්ථාන වැසියන්ට වැඩ වරදී

ඊශ්‍රායලයට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වී යළි පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු පාකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි සහායකයින් සහ මෝටර් රථ සෝදන්නන් ලෙස සේවය කර ඇති බව අනාවරණ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

ඔවුන්, ඊශ්‍රායල පුරවැසියෙකු යැයි කියනු ලබන නියෝජිතයෙකුගේ සහාය ඇතිව ඊශ්‍රායලයට ගොස් ඇති බව ද සඳහන්.

එමෙන්ම සෑම සැකකරුවෙකුම ඊශ්‍රායලයට ඇතුළු වීමට පකිස්ථාන රුපියල් ලක්ෂ 03 ත් 04 ත් අතර මුදලක් එම නියෝජිතයාට ගෙවා ඇතැයි අනාවරණ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

එම වාර්තා පෙන්වා දෙන්නේ අදාළ වැසියන් ඊශ්‍රායලයේ රැකියාවක් ලබා ගැනීම සඳහා පකිස්ථාන රුපියල් මිලියන 2 කට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බවයි.

Share This