රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන එයි

රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන එයි

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව දක්වා මේ වනවිට රැගෙන විත් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

දේහය රැගෙන එන රථ පෙරහැර සමගින් චාල්ස් රජු, ඔහුගේ පුතුන් වන විලියම් සහ හැරී මෙන්ම රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැගෙන ඒමෙන් පසු කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් කෙටි දේව මෙහෙයක් පවත්වා ඇති අතර මේ සඳහා අගමැති ලිස් ට්‍රස් සහ කම්කරු නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ සහභාගී වී තිබෙනවා

පසුව දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට විවෘත කර තිබෙනවා .

Share This