රැජිනගේ වියෝව ලොව පුරා සැමට දැනෙනු ඇති (PHOTOS)

රැජිනගේ වියෝව ලොව පුරා සැමට දැනෙනු ඇති (PHOTOS)

දෙවන එළිසබෙත් රැජිනගේ වියෝව පිළිබඳව ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ද ඒ අතර වනවා.

දෙවන එළිසබෙත් රැජිනගේ වසර 70 ක් වූ පාලන කාලය තුළ දැවැන්ත සමාජ වෙනසක් සිදුවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඇගේ පුත් III වන චාල්ස් පැවසුවේ තම ආදරණීය මවගේ වියෝව ඔහුට සහ ඔහුගේ පවුලේ අයට “ඉතා ශෝකජනක මොහොතක්” බවත් ඇගේ වියෝව ලොව පුරා සැමට දැනෙනු ඇති බවත්ය.

දෙවන එළිසබෙත් රැජින 1926 අප්‍රේල් 21 වන දින ලන්ඩනයේ මේෆෙයාර් හි එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි වින්ඩ්සර් නමින් උපත ලැබූ අතර පිලිප් කුමරු සමග 1947 නොවැම්බර් 20 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී විවාහ දිවියට පත්වුණා

ඔවුන්ගේ පළමු පුත් චාල්ස් 1948 දී ද, පසුව ඈන් කුමරිය 1950 දී ද, ඇන්ඩෘ කුමරු 1960 දී ද, එඩ්වඩ් කුමරු 1964 දී ද උපත ලැබුවා

 

Share This