‘රිවස්ටන්’ සිංහල චිත්‍රපටය ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානණීය වෙයි

‘රිවස්ටන්’ සිංහල චිත්‍රපටය ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානණීය වෙයි

චිත්‍රපට අධ්‍යක්ෂ ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව Asian New Talent කාණ්ඩයෙන් සම්මාන 2 ක් ‘රිවස්ටන්’ චිත්‍රපටයට හිමිවුණා.

ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ ‘Asia new talent’ අංශය යටතේ විශිෂ්ඨතම කැමරාකරණයට (Best Cinematography) හිමි සම්මානය ‘රිවස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් එහි කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රොෂාන් හිමිකර ගත්තා.

විශිෂ්ටතම තිර රචනයට (Best Screenplay) හිමි සම්මානය ‘රිවස්ටන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය සිදු කළ ලලිත් රත්නායක විසින් දිනා ගත්තා.

‘රිවස්ටන්’ චිත්‍රපටය ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ දෙවන සිනමා නිර්මාණය යි.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර,රන්දික ගුණතිලක ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් ‘රිවස්ටන්’ වෙනුවෙන් රංගනයෙන් එක්වනවා.

‘රිවස්ටන්’ රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ නිෂ්පාදනයක්.

ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ආසියාවේ ප්‍රධානතම සිනමා සම්මාන උළෙලක් ලෙසයි ලෝක සිනමාවේ සටහන් වන්නේ.

     

 

Share This