රිෂී සුනක්ගෙන්  බ්‍රිතාන්‍ය ජනතාවට ලැබුණු පොරොන්දුව (VIDEO)

රිෂී සුනක්ගෙන් බ්‍රිතාන්‍ය ජනතාවට ලැබුණු පොරොන්දුව (VIDEO)

‘එක්සත් රාජධානිය විශිෂ්ට රටක්, එනමුත් අපි ගැඹුරු ආර්ථික අභියෝගයකට මුහුණ දෙන බවට සැකයක් නැහැ’ යනුවෙන් එක්සත් රාජධානියේ මීළඟ අගමැතිවරයා වන රිෂී සුනක් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම තම පක්ෂය මෙන්ම රට මුල්තැනට ගෙන ඒමට ප්‍රමුඛත්වය ලබාදෙමින් රිෂී සුනක් අවංකව සහ නිහතමානීව සේවය කරන බවට පොරොන්දු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

රිෂී සුනක් ප්‍රථම බ්‍රිතාන්‍ය ආසියාතික අගමැතිවරයා වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම නූතන දේශපාලන ඉතිහාසයේ තේරි පත්වූ ලාබාලතම අගමැතිවරයා බවටද ඔහු පත්ව තිබෙනවා.

42 හැවිරිදි හින්දු භක්තිකයෙකු වන සුනක් මහතා චාල්ස් රජු විසින් විධිමත් ලෙස පත් කිරීමෙන් පසු වැඩ භාර ගැනීමට අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය

මේ අතර දිල්ලියේ ජනතාව ප්‍රීති ඝෝෂා නංවමින් ඔහුට සුබ පැතුම් එක් කර ඇති අතර ලොව පුරා නායකයින්ගෙන්ද රිෂි සුනක්ට සුබ පැතුම් ගලා එන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Southampton ප්‍රදේශයේදී උපත ලැබූ රිෂී සුනක් ලන්ඩන් සහ යෝක්ෂයර් ප්‍රදේශවල ජිවත්වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Winchester College, Oxford University, Stanford University ආයතනවලින් ඔහු උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා

රිෂී සුනක් ව්‍යාපාරික කාන්තාවක් වන අක්ෂාතා මූර්ති සමග විවාහ වී ඇති අතර දියණියන් දෙදෙනෙකුගේ පියෙක්ද වනවා

Share This