
රුපියල් එක් කෝටි අසූ හය ලක්ෂයක විදෙස් දුම්වැටි සමග ශ්රී ලාංකිකයින් 7 දෙනෙකු අල්ලයි
රුපියල් එක් කෝටි අසූ හය ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ,ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගීන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් අනුරාධපුරය , කැකිරාව , කහවත්ත සහ කොළඹ ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් කුවේට් , ඩුබායි සහ ඕමානය යන රටවල සිට මෙරටට පැමිණ ඇති අතර දුම්වැටි 124,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 620 ක් සගවා ගෙන සිටියදී මෙලෙස රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.