රුපියල් කෝටියක මුදලක් වංචාකළ ඔන් ලයින් හොරා

රුපියල් කෝටියක මුදලක් වංචාකළ ඔන් ලයින් හොරා

ඔන් ලයින් හරහා මුදල් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙක් පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු ඔන් ලයින් ඇදුම් විකුණන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර ඇතිබව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය පාර හබරණ’ ප්‍රදේශයේ පදිංචි 24 පුද්ගලයෙක්.

පානදුර පින්වත්ත මීගහකෝවිල පාරේ පදිංචි පුද්ගලයකු විසින් කල පැමිණිල්ලක් මත කල විමර්ශන අතරතුර’ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු ගේ ගිණුමේ රුපියල් කෝටියකට අධික මුදලක් ගනුදෙනු වී ඇති බවට බැංකු වාර්තා මගින් හෙලිව ඇති බවත් වාර්තා වෙනවා.

Share This