රුපියල් කෝටි තිස් දෙකකට අධික මත් කුඩු රේගුවෙන් අල්ලයි

රුපියල් කෝටි තිස් දෙකකට අධික මත් කුඩු රේගුවෙන් අල්ලයි

ගුවන් මගින් මෙරටට ඒවා තිබූ රුපියල් කෝටි තිස් දෙකකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගෙන තිබෙනවා.

රේගු අංශය පැවසුවේ ජර්මනිය, ඇමරිකාව, නෙදර්ලන්තය, සැම්බියාව හා කැනඩාව යන රටවල් වලින් පාර්සල් හතක් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ලිපින හතකට මෙම පාර්සල් ඒවා තිබූ බවයි.

මෙම පාර්සල් හත තුළ මත් පෙති විසි තුන්දහස් 642ක්, කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 445, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 98 ක් හා මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 993 ක් තිබී රේගු භාරයට ගෙන තිබෙනවා.

ගුවන් මගින් මෙරටට එවා තිබූ පාර්සල් අයිතිකරුවන් නොපැමිණිම හේතුවෙන් අද පස්වරුවේ සීදුව colombo cargo express ආයතනයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් එම පාර්සල් විවෘත කෙරුණා.

 

 

Share This