
රුපියල් කෝටි 1000 කට වැඩි මුදල් ගනුදෙනු සිදුවූ ගිනුම් දෙකක් ගැන පොලීසියෙන් විමර්ශන (VIDEO)
පොලීසිය දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව ඉපයූ ආකාරය තහවුරු කිරීමට නොහැකි රුපියල් කෝටි 1000 කට වැඩි ගනුදෙනු සිදු වූ ගිනුම් දෙකක් හඳුනාගෙන ඇතැයි ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පැවසුවා.
2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද ආරම්භ කරමින් ඒ මහතා මේ අදහස් පළ කළා.
පනතේ විධිවිධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සිදුකර අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කොට්ඨාසය අද (20) නිල වශයෙන් ඇරඹුණා.
මෙම කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ද, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ගුණතිලක මහතා ද කටයුතු කරනවා.
2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පනතට අනුව මින් ඉදිරියට අධිකරණය ඉදිරියේ නිවැරදි කරුවකු වුවද උපයාගත් තහවුරු කිරීමට නොහැකි දේපළ රාජ සන්තක කිරීමේ බලය නව කොට්ඨාසයට සතු බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා මෙහිමෙහිදී පෙන්වා දුන්නා.
මෙම කොට්ඨාශය මගින් නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදුවනවා.
මේ යටතේ විශේෂ අධිකාරියක් පිහිටුවීමේ බලය පනතින් පැවරී ඇති සුවිශේෂී අවස්ථාවක් ලෙස පෙන්වා දුන් ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිපතිවරයා මෙය අධිකරණ අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා යටතේ කළ යුතු බව පෙන්වා දුන්නා.
පනත ආරම්භ කර වසරක් තුළ අධිකාරිය පිහිටුවන ලෙස එහි නෛතික විධි විධන තුළ සඳහන් බව ද ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.
අසංක කරවිට මහතා පෙන්වා දෙන්නේ මේ පනත යටතේ අරමුදල් දෙකක් පිහිටුවිය හැකි බවයි.
තාක්ෂණ හැකියාව ඇති විශේෂඥවරුන් මේ අංශයට බඳවා ගැනීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා වන වැටුප් ගෙවීම් මෙම අරමුදල මගින් ගෙවීමේ හැකියාව ඇති බවත් ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.
මහජනතාවට ද මෙම කොට්ඨාශය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමිව තිබෙනවා.
මෙහිදී ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණයක් කරමින් සඳහන් කළේ කොළඹ ආශ්‍රිතව සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මුදල දකුණු පළාතේ කපුවකුගේ ගිනුමක දමා තිබිය දී රුපියල් කෝටි 33 ලක්ෂ 66 ක සොයා ගත් බවයි.
එම විමර්ෂනවලට අනුව දැනට කෝටි 1000 කට වැඩි මුදල ගනුදෙනු සිදුවූ ගිනුම් දෙකක් හදුනාගෙන ඇති බව ඔහු පැවසුවා.
මෙවැනි කොට්ඨාසයකින් එවැනි විමර්ෂන කිනම් කිරීමට හැකි බව ද ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පැවසුවා.