රුපියල් කෝටි 107ක් වතුරේ ගිය මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය (VIDEO)

රුපියල් කෝටි 107ක් වතුරේ ගිය මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය (VIDEO)

මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු අත්හැර දැමීම හේතුවෙන් රුපියල් කෝටි 107කට ආසන්න මුදලක් නාස්ති වී ඇති බව මහවැලි බී කළාපයේ ජනතාව පවසනවා.

එමෙන්ම සංවර්ධනයට මුවාවී මහාපරිමාණ වැලි ජාවාරමක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2021 වසරේදීයී.

මහවැලි බී කළාපයේ පොළොන්නරුව මාදුරුඔය ජලාශයේ සිට ඉදිකෙරෙන ඇල මාර්ගයක් ඔස්සේ දකුණු ඉවුරට ජලය රැගෙන යාමත්, මඩකලපුව හා වාකරේ යන ප්‍රදේශ වෙත ජලය සැපයීමත් මේ යටතේ සැලසුම් කර තිබුණා.

අම්පාර දිස්ත්‍රික්කයේ වගා කටයුතු වෙනුවෙන් ජලය සැපයීම එම ව්‍යාපෘතියේ තවත් අපේක්ෂාවක්.

වැසි කාලයේ මාදුරුඔය ජලාශයෙන් පිටකරන වාන් ජලය අපතේ නොයවා වගාව වෙනුවෙන් එක් රැස්කර තැබීමද මේ යටතේ සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක තුනකට අයත් ජනතාව වෙනුවෙන් ජලය සම්පාදනය කිරීමත්, අක්කර විසි පන්දහසක අලුතින් වගා කිරීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුමක්.

සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් අති විශාල මුදලක් වැය කර ඇතත්, වසර 04ක් තිස්සේ මෙම ව්‍යාපෘතිය නැවතී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඉදිකිරීම් වෙනුවෙන් ගෙන්වා තිබූ යන්ත්‍ර සූත්‍ර මෙන්ම අමුද්‍රව්‍ය විනාශයට පත්වෙමින් තිබෙන ආකාරයයි මේ.

එමෙන්ම ජනතාව පවසන්නේ සංවර්ධනයට මුවාවී මහා පරිමාණ වැලි ජාවාරමක් මෙම භූමිය තුළ ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.

Share This