රුපියල් කෝටි 110ක් වටින කිලෝ 35කට අධික රත්‍රං තොගයක් කටුනායක ගුවන් තොටපළින් අල්ලයි (VIDEO)

රුපියල් කෝටි 110ක් වටින කිලෝ 35කට අධික රත්‍රං තොගයක් කටුනායක ගුවන් තොටපළින් අල්ලයි (VIDEO)

ගුවන් මගියෙකු විසින් මෙරටට ගෙන ඒමට තැත් කළ විශාලම රන් තොගය ඊයේ කටුනායක ගුවන් තොටපළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමට සමත් වුණා.

රුපියල් කෝටි 110ක් වටිනා මෙම රන් තොගය මෙරටට රැගෙන විත් තිබුණේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් මෙරටට රන් තොගයක් රැගෙන එන බවට ගුවන් තොටුපළ රේගු නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් ආදාළ සැකකරු පරීක්ෂා කිරීමට කටයුතු කළා.

මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයට විශේෂයෙන් සකස් කළ උපකරණ 09ක් තුළ බහා ඒවා සිය ගමන් මල්ලේ සඟවා රුපියල් කෝටි 110ක් වටිනා කිලෝ 35කට අධික බරකින් යුත් මෙම රන් තොගය ගෙනවිත් තිබුණා.

මෙම රන් තොගයට රන් බිස්කට් 195ක් සහ කිලෝ ග්‍රෑම් 13ක් බර ස්වර්ණාභරණ තොගයක් අයත් වුණා.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන මොහු ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Share This