
රුපියල් කෝටි 25 ක ” කොකේන් ” කටුනායක ගුවන් තොටුපලේ දී අල්ලයි
රුපියල් කෝටි විසි පහක් වටිනා ” කොකේන් ” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (23) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 25 හැවිරිදි මැලේසියානු ජාතිකයෙක්.
ඔහු ඊයේ (23) රාත්‍රී 08.20 ට අබුඩාබි නුවර සිට එතිහාඩ් ගුවන් සේවවයට අයත් ඊ.වයි.- 396 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මොහු විසින් රැගෙන ආ අත් බෑගයක චොකලට් අඩංගු ටින් තුළ කිලෝ ග්‍රෑම් 05 ක ” කොකේන් ” මත්ද්‍රව්‍ය තොගය , කරල් ලෙස සකස් සගවා ගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතව තිබුණා.
