රුපියල් පනස්දහසක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු අත්අඩංගුවට

රුපියල් පනස්දහසක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් දෙමටගොඩ,කොළොන්නාව පාරේ පවත්වාගෙන යනු ලබන ආයතනයක මේ වර්ෂයට අදාළ බදු නිශ්කාෂන වාර්තාව ලබාගැනීමට කටයුතු කිරීමේ දී පසුගිය වර්ෂයන් සඳහා රුපියල් ලක්ෂ එකොළහක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව දන්වා, එය ඉවත්ත කර, 2025 වර්ෂයට
අදාළව නිශ්කාෂණ වාර්තාව ලබා දීම වෙනුවෙන් රු.100,000/- (රුපියල් ලක්ෂයක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.

එම මුදල රුපියල් පනස්දහස (රු.50,000/-) දක්වා අඩුකර, එකී අඩු කළ මුදලින් රුපියල් හතළිස් දෙදහසක (රු.42,000/- ) මුදලක් පසුගිය 03 වැනි දින ලබාගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් ගේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉතිරි රුපියල් අටදහසක (රු.8,000/-) මුදල අද දින අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේදී ජාවත්තත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්පාතමේන්තුවේ නගර ශාඛාවේ,නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන කේ.සී.කේ.කුමාර යන අයයි.

Share This