රුපියල් මිලියන 180,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05 වැනිදා

රුපියල් මිලියන 180,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05 වැනිදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව එහිදී රුපියල් මිලියන 180,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමටයි සැලසුම් කර ඇත්තේ

Share This