
රුපියල් ලක්ෂ 35 වැඩි හොර සිගරැට් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන 45 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවටයි හදුනාගෙන ඇත්තේ.
ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 118 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.