රුමේනියානු දේශසීමා තරණය කිරීමට ගිය නීති විරෝධී සංක්‍රමණිකයන් 27ක් අත්අඩංගුවට -ශ්‍රී ලාංකිකයනුත් ඒ අතර

රුමේනියානු දේශසීමා තරණය කිරීමට ගිය නීති විරෝධී සංක්‍රමණිකයන් 27ක් අත්අඩංගුවට -ශ්‍රී ලාංකිකයනුත් ඒ අතර

රුමේනියානු දේශසීමා තරණය කිරීමට ගිය නීති විරෝධී සංක්‍රමණිකයන් 27 දෙනෙකු සමග ට්‍රක් රථ 2ක් රුමේනියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව SchengenVisaInfo .com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා

මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් බංග්ලාදේශය, එරිත්‍රියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යන රටවලින් පැමිණි සංක්‍රමණිකයන් බවයි වැඩිදුරටත් එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ

මොවුන් රුමේනියානු පොලිසියට හසුව තිබෙන්නේ නීතිවිරෝධී ලෙස හංගේරියාවට දේශසීමා තරණය කිරීමට උත්සාහ කිරීමේදී යි

රෙදිපිළි සහ ලෝහ කූරු පැටවූ ට්‍රක් රථ දෙකක් තුළ සැඟවී සිටියදී මොවුන් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

වැඩිදුර විමර්ශන සඳහා Arad පොලිස් මූලස්ථානය වෙත මොවුන් ගෙන ගොස් තිබෙනවා

Share This