රුමේෂ් තරංගට රන් පදක්කමක්

රුමේෂ් තරංගට රන් පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම ‍‍දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටවූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා.

Share This