රුවන්ඩාවේ නායයෑම්වලින් 50කට වැඩි පිරිසක් මරුට

රුවන්ඩාවේ නායයෑම්වලින් 50කට වැඩි පිරිසක් මරුට

බටහිර රුවන්ඩාවට ඇදහැලෙන අධික වර්ෂාවෙන් පසු ඇතිවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එරට පළාත් ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා

බොහෝ නිවාස කඩා වැටී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ .

මියගිය අය 55ක් ලෙස ගණනය කර ඇති අතර තුවාලකරුවන් බොහෝ පිරිසක් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම පළාතේ ප්‍රධාන මාර්ග නායයෑම් හේතුවෙන් භාවිත කළ නොහැකි තත්ත්වයක්ද පවතිනවා

දුෂ්කර ප්‍රදේශවල ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

එමෙන්ම රුවන්ඩා කාලගුණ විද්‍යා ආයතනය මේ මාසය පුරාවට අධික වර්ෂාපතනයක් ගැන අනතුරු අඟවා ඇති බවද සඳහන් වනවා.

Share This