රුවන්ඩා ජනපති ජනාධිපතිවරණයට සිව්වැනි වරටත් තරග කිරීමේ සූදානමක්

රුවන්ඩා ජනපති ජනාධිපතිවරණයට සිව්වැනි වරටත් තරග කිරීමේ සූදානමක්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් සිව්වැනි වරටත් තරග කරන බව රුවන්ඩා ජනාධිපති Paul Kagame ප්‍රකාශ කර තිබෙනවා

ප්‍රංශ භාෂා සඟරාවක් වන Jeun Afrique වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ “මම ඇත්තටම අපේක්ෂකයෙක්” වන බවයි

ඔහු නැවත තරඟ කිරීමට ගත් තීරණය ගැන බටහිර රටවල් සිතන්නේ කුමක්දැයි ඇසූ විට Paul Kagame සඳහන් කර තිබෙන්නේ “මට කණගාටුයි, නමුත් බටහිර රටවල් සිතන දේ මගේ ගැටලුවක් නොවේ” යනුවෙනුයි.

රුවන්ඩා ජාතිකයන් මා කෙරෙහි තබා ඇති විශ්වාසය ගැන සතුටු වන බවත් හැකි සෑම විටම ඔවුන්ට සේවය කරන බවත් සඳහන් කර තිබෙනවා

වසර 23ක ධුර කාලයෙන් පසු විශ්‍රාම ගොස් බලය පැවරීමට බලාපොරොත්තු වන බවද රුවන්ඩා ජනාධිපති Paul Kagame පසුගිය අප්‍රේල් මාසයේදී පවසා තිබුණ බවද විදෙස් මාධ්‍ය පවසනවා

රටේ පාලක පක්ෂය වන රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ (RPF-Inkotanyi), අප්‍රේල් මාසයේදී Paul Kagame එහි සභාපතිවරයා ලෙස තබා ගත් අතර 1998 වසරේ සිට පක්ෂයට නායකත්වය දී තිබෙනවා

Paul Kagame 2000 වසරේ සිට නැගෙනහිර අප්‍රිකානු ජාතියේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර පසුගිය 2017 මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ 98.8%ක ඡන්ද ප්‍රතිශතයකිනුයි

ජනාධිපති Paul Kagame යටතේ රුවන්ඩාව සාපේක්ෂ දේශපාලන ස්ථාවරත්වයක් භුක්ති විඳ ඇති නමුත් විවේචකයින් සහ මානව හිමිකම් කණ්ඩායම් ඔහුගේ රජය දේශපාලන නිදහස සීමා කිරීම සහ විසම්මුතිය යටපත් කරන බවට චෝදනා කර තිබෙනවා

Share This