රුසියානු ආක්‍රමණ ආරම්භවීමෙන් පසු යුක්රේනයේ ජනාධිපති පළමුවරට Kharkiv වෙත
යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky එරට නැගෙනහිර ඉදිරි ආරක්ෂක වළල්ලේ Kharkiv ප්‍රදේශයේ භට පිරිස් බැලීමට ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
පෙබරවාරි 24 වන දින රුසියානු ආක්‍රමණය ආරම්භවීමෙන් පසු Kyiv කලාපයෙන් පිටත ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරය මෙයයි
සෙලෙන්ස්කි ජනාධිපතිවරයා එහිදී සොල්දාදුවන්ට පවසා තිබෙන්නේ “ඔබේ සේවයට ඔබ සැමට ස්තූති කිරීමට අවශ්‍යයි.” යනුවෙන්
රුසියාව යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සති දෙකකින් පසු නැවත ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා