රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට හෘදයාබාධයක්

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට හෘදයාබාධයක්

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 24 වනදා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් නිකුත්කරන ලද වීඩියෝවක කෙටියෙන් පෙනී සිටින තෙක් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මාර්තු මස 11 වනදා සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුටරත් වාර්තා කරන්නේ.

ඔහු මෙලෙස හෘදයාබාධයකට ලක්ව ඇත්තේ යුක්‍රේන ආක්‍රමණය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවට පුටින්ගේ දැඩි චෝදනාවකින් පසුව බව ද තොරතුරු වාර්තා වනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ වත්මන් තත්ත්වය පිළිබඳව රුසියාවෙන් කිසිඳු තහවුරු කිරීමක් සිදුකර නොමැති අතර ඔහු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Share This