
රුසියානු ගුවන් යානයක් මගීන් 50 ක් එක්ක අතුරුදන් (VIDEO)
රුසියාවේ මායිම් ප්‍රදේශයක දී පුද්ගලයින් 50 දෙනෙකු පමණ රැගත් An-24 මගී ගුවන් යානයක් කඩා වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
එම වාර්තා පවසන්නේ ගුවන් ගමනාගමන පාලක මැදිරිය සමග සම්බන්ධතා අහිමි වී ඇති මෙම ගුවන් යානය සොයා, සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කලාපීය ආණ්ඩුකාරවරයා පවසා ඇති බවටයි.
සයිබීරියාව පදනම් කරගත් අන්ගාරා නම් ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන මෙම ගුවන් යානය චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ නගරයක් වන ටින්ඩා වෙත ළඟා වෙමින් සිටියදී රේඩාර් තිරවලින් ඉවත් වූ බව ප්‍රාදේශීය හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසා තිබෙනවා.
මූලික දත්ත වලට අනුව, කලාපීය ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් පවසා ඇත්තේ ළමයින් පස් දෙනෙකු ඇතුළුව මගීන් 43 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු එහි සිටි බවටයි.
අද (24) පුද්ගලයින් 43 දෙනෙකු සමඟ රුසියානු ගුවන් යානයක් කඩා වැටීමේ වාර්තා මතුවීමත් සමඟ, ගොඩබෑමේදී ගිනිගෙන දැවෙන ගුවන් යානයක දර්ශන අන්තර්ජාලය ඔස්සේ පළවී තිබුණා.
රුසියා රාජ්‍ය රූපවාහිනී ප්රවෘත්ති සේවය බෙදා ගන්නා ලද තත්පර 17 ක වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ ගුවන් යානය ගොඩබෑමේදී විශාල දුමාර වලාකුළු මෙන්ම දූවිලි වලින් වැසී යන ආකාරයයි.
වාර්තාවල සඳහන් වූයේ බඳ කොටස ගිනිගෙන ඇති බවයි. සුන්බුන් අමූර් කලාපයේ තිබී හමු වී තිබෙනවා.