රුසියානු ජනතාවගෙන් පොලිසියට හිම ප්‍රහාර

රුසියානු ජනතාවගෙන් පොලිසියට හිම ප්‍රහාර

රුසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු ඇති වූ ගැටුම්වලදී විරෝධතාකරුවන් කැරලි මර්දන පොලිසිය වෙත හිමවලින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බවද සඳහන්.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Fail Alsynovට සහය දැක්වීම සඳහා Bashkortostan උසාවිය පිටත ජනයා රැස්වූ අතර නිලධාරීන් විසින් පිරිස පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Fail Alsynov ජනවාර්ගික වෛරය ඇවිස්සූ බවට චෝදනා එල්ල වීමෙන් පසු උසාවිය ඔහුට වසර හතරක් සිර දඩුවම් නියම කිරීමටයි තීන්දු කර ඇත්තේ.

Share This